한국어 공부

상황별 실전 대화 및 어휘 모음

출처본 서비스의 기본 싱할라어 회화 및 어휘 데이터는 KOICA 공공데이터를 활용하여 제작되었습니다.

총 10개
    1. 화자 A:

      අතීතයේ දරුවන් පළමු ශ්‍රේණියට ඇතුලත් වෙද්දී යන්තම් සිංහල හෝඩිය පමණක් දැනගෙන හිටියා. නමුත් දැන් එම තත්වය ගොඩක් වෙනස්. එයට හේතුව දැන් පළමු ශ්‍රේණියට ඇතුල්වෙන දරුවන් සිංහල හෝඩිය පමණක් නොව, ගණිතය, ඉංග්‍රීසි සහ නොයෙකුත් විෂයන් පිළිබඳව දැනුමක් ලබාගෙන සිටිනවා. දෙමාපියන් තමන්ගේ දරුවා වෙන දරුවන්ට වඩා පසු පසට යයි කියන මතය හිත දරාගෙන පාසලට ඇතුලත් කිරීමට පෙර අදාල අධ්‍යාපනය දරුවන්ට ලබාදෙනවා. මෙය දරුවන්ට අධ්‍යාපනය පැත්තෙන් මහත් රුකුලක් වන අතරම දරුවන්ට කුඩා කාලයේ සොඳුරු මතකයන් අහිමි කරන දෙයක්. දරුවන්ට කුඩාකාලයේ සිටම නොයෙකුත් විෂය දැනුම ලබාගැනීම දක්ෂ ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යාමට උදව්වක් වෙනවා. නමුත් එතුලින් අධ්‍යාපනයට පමණක් කොටුවී ළමාකාලයේ ඕනෑම දරුවෙකුට අයිති සොඳුරු මතකයන් ගොඩනගා ගැනීමට කාලය නැතිවෙනවා. සම්මුඛ සාකච්ඡාවට ලක් කල 35 හැවිරිදි කාන්ති මහත්මිය පැවසුවේ තමන්ගේ දරුවා වයස අවුරුදු 3 සිට ඉංග්‍රීසි අධ්‍යාපනයට යොමු කළ බවයි. වයස අවුරුදු 3ක් යනු යහළුවන් සමඟින් දුවපැන ඇවිදිමින් සෙල්ලම් කළයුතු වයසකි. නමුත් පෙර අවදි අධ්‍යාපනය තුලින් දරුවන්ට ළමා කාලය අහිමි කර ඇත.

      예전에는 아이들이 학교에 입학할 때 싱할라어 글자만 알고 있었다. 그러나 현재 그 상황이 달라졌다. 현재 학교 1학년에 입학하는 아이들은 싱할라어 글자뿐만 아니라 수학, 영어 등 다양한 과목에 대한 지식을 가지고 있기 때문이다. 부모가 자기 자식이 다른 아이들보다 뒤처질까 걱정하여 학교에 입학하기 전에 교육한다. 이것은 아이들에게 교육적인 면에서 많이 도움이 되지만 어렸을 때 추억을 만들지 못하게 한다. 어렸을 때부터 아이들에게 다양한 과목에 대해 교육을 하는 것이 공부를 잘하는 것에는 도움이 되지만 이로 인해 모든 어린이의 권리인 어릴 적 추억을 만들 수 있는 시간이 없어진다. 인터뷰를 한 35살 칸티 씨에 따르면, 아이가 3살 때부터 아이에게 영어 교육을 했다고 한다. 3살이라는 나이는 자기 또래 아이들과 뛰어다니면서 노는 시기이지만 조기 교육 때문에 아이들의 어린 시절이 사라진다고 말했다.