싱할라 힌두 설날
-
화자 A:
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද
싱할라 힌두 설날
-
화자 B:
මෙම නව වසර අප්‍රේල් හෙවත් බක් මාසයේ මාසයේ සමරනු ලබන අතර අතීතයේ සිටම ශ්‍රි ලංකාවේ පැවති මහා කලා මංගල්‍යයකි. සෑම වසරකම අප්‍රේල් මස 13 හෝ 14 දිනට අලුත් අවුරුද්ද යෙදේ. සිංහල භාෂාවෙන් මෙය 'අලුත් අවුරුද්ද' වන අතර දෙමළ භාෂාවෙන් මෙය 'පුත්තාන්ඩු' ලෙස හඳුන්වයි. එසේම මෙම මාසය කෘෂි කාර්මික අස්වනු නෙලා අවසාන වන කාලය වන අතරම සූර්යයා ශ්‍රී ලංකාවට සමපාත වන එනම් ඍජුව ඉහලින් පිහිටන කාලය ලෙසත් හඳුනාගත හැක. සිංහල හින්දු අලුත් අවුරුද්දට අනුව පරණ අවුරුද්ද අවසාන වීමත් නව වසරේ උදා වීමත් අතර පැය කිහිපයක වෙන්ව පැවතීමක් ඇත. මෙම කාල සීමාව නොනගත කාලය හෙවත් උදාසීන කාලය ලෙස හඳුන්වයි. මෙම කාලය තුල සිංහල ජනයා සියලු ව්‍යාපාර, වැඩ කටයුතු නවතා ආගමික වතාවත් වල හා සාම්ප්‍රදායික ක්‍රීඩාවල යෙදීම සිදුකරති. සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර ආරම්භ වීම සිදු වන්නේ අලුත් අවුරුද්ද උදාවීමෙන් පසුව නිවස පිරිසිදු කර පොල්තෙල් පහනක් දැල්වීමෙනි. සමහර ගැමි සමාජ වල කාන්තාවන් එක් රැස් වී රබන් වැයීමෙන් නව වසරක් ආරම්භ වූ බව නිවේදනය කරති. නිවෙස්වල පවුලේ සියලු දෙනා එකතු වී අවුරුදු චාරිත්‍ර ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව නැකැත් වේලාවන්හිදී සිදු කරනු ලබයි. මෙම කටයුතු වලදී නිවසේ ගෘහණියට ප්‍රමුඛත්වය හිමි වන අතර ඇය නව වසරේ පළමු කටයුත්ත ලෙස නිවසේ මුළුතැන්ගෙයට ගොස් නැකතට ලිප ගිනි මොළවා කිරි උතුරවා කිරිබතක් පිළියෙල කරයි. මෙම කටයුතු වලදී නිවසේ සියලු දෙනාගේම දායකත්වය ලැබේ. අලුත් අවුරුදු උත්සව සමය තුල ළමුන් මෙන්ම වැඩිහිටියන්ද සම්ප්‍රදායික ඇඳුමින් සැරසී නෑදෑ හිතමිතුරන් සමඟ ප්‍රීතිමත් වනු දැකිය හැකිය. එක් එක් චාරිත්‍රය ඉටු කිරීම සඳහා සුභ මොහොත උදාවූ බව සංඥා කරනු ලබන්නේ රතිඤ්ඤා හඬ මඟිනි. විශේෂයෙන්ම කුඩා ළමයි රතිඤ්ඤා දැල්වීමට මහත් රුචියක් දක්වති. ගෘහණිය නිවසේ අවුරුදු කෑම මේසයට කිරිබත්, කැවුම්, කොකිස්, කෙසෙල් අනිවාර්යයෙන්ම පිළියෙල කර ගනියි. නැකතට ආහාර අනුභව කිරීම, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා හිස තෙල් ගෑම අලුත් අවුරුදු උදාවෙන් පසුව සිදු කරන මූලික චාරිත්‍ර වේ. මෙම වැදගත් චාරිත්‍ර ඉටු කිරීමෙන් පසුව සියලු දෙනා මාර්ගයේ, නිවෙස්වල හෝ එකට එකතු වී අවුරුදු ක්‍රීඩා වල යෙදෙති. පංච කෙළිය, ඔන්චිලි වාරම්, ඔළිඳ කෙළිය, රබන් ගැසීම ඉන් කිහිපයකි. ඊට අමතරව එළිමහනේ අවුරුදු ක්‍රීඩා උත්සව පැවත්වීම සඳහා ගම්වැසියන් සියලු දෙනා දායක වෙති.
스리랑카의 설날은 4월에 있는데 먼 옛날부터 있던 큰 명절로서, 매년 4월 13일 혹은 14일이다. 싱할라어로는 이것을 ‘새해’라고 부르고 타밀어로는 ‘풋단두’라고 부른다. 그리고 이달은 수확을 마무리하는 기간이며 태양이 스리랑카로 곧바로 뜨는 기간이다. 싱할라 힌두 설날에 따르면 ‘파르너 아우룻더’가 끝나는 날과 설날이 시작하는 날 사이에 몇 시간의 차이가 있다. 이 시간을 ‘노느그더’ 즉, 아무것도 안 하는 시간이라 부른다. 이 시각에 스리랑카 사람들은 모든 일을 끝내고 종교와 관련된 일을 하거나 여러 가지 설날 놀이를 한다. 설날은 집을 청소하고 코코넛 오일로 ‘파하너(Oil Lamp)’에 불을 붙이고 난 뒤 시작된다. 어떤 지방 사람들은 ‘라바너’를 치고 설날을 맞이한다. 가족 모두 모여서 점쟁이들이 알려준 시간에 따라 설날 풍습을 행하고, 이런 풍습을 행할 때 모든 가정에서 주부가 중요한 역할을 한다. 주부들은 설날의 첫 번째 일로 부엌에 가서 아궁이에 불을 때고 우유를 끓여 우유 밥을 만든다. 이 일은 가족 모두가 도와준다. 설날에는 어린이와 어른들이 전통 옷을 입고 친척과 즐겁게 지낸다. 각각 풍습을 행하는 시간을 알리는 것은 화포 소리이다. 특히 어린이들이 화포로 노는 것을 좋아한다. 주부는 식탁에 올릴 설날 음식인 ‘우유 밥’, ‘케움’, ‘코키스’, ‘바나나’를 반드시 준비한다. 정해진 시간에 ‘식사’, ‘일’, ‘돈 주고받기’ 그리고 ‘머리카락에 오일 바르기’를 주로 한다. 이런 풍습을 행하고 나서 모두 도로나 집에 모여서 ‘반처 켈리여’, ‘그네 타기’, ‘오린더 켈리여’, ‘라반 치기’와 같은 설날 놀이를 한다. 그 외에도 바깥에서 마을 주민들이 모여서 설날 놀이 행사를 한다.
