한국어 공부

웨삭포야

  1. 화자 A:

    වෙසක් පෝය යනු බෞද්ධයන් හට ඉතාමත් වැදගත් උත්සවයක්. එනම් බුදුපියාණන්වහන්සේගේ තෙමඟුල් සිහිපත් කරන දිනය නිසායි. මෙම උත්සවය මැයි මසට යෙදී තිබෙනවා. එදිනට සියලුම බෞද්ධ බැතිමතුන් පන්සල් ගොස් බුදුන් නමදියි. තවද ගොඩක් පිරිසක් උදෑසනින් පන්සල් ගොස් සිල් සමාදන් වෙති. වෙසක් පෝය උත්සවය ඉතාමත් උත්කර්ශවත් අන්දමට සතියක් පුරාවට පවත්වනු ලබනවා. එම සතිය පුරාවටම දකින්න ලැබෙන සුවිශේෂි අංගයක් ලෙස දන්සල් හදුන්වන්න පුළුවන්. දන්සල් යනු නොමිලේ ආහාරපාන ලබාදෙන ස්ථානයි. තවද වෙසක් සතිය පුරාවටම මහා වෙසක් කූඩු, තොරණ ආදිය නරඹන්නට පුළුවන්. වෙසක් උත්සවය කොපමණ වැදගත්ද කියනවනම් ශ්‍රි ලංකාවේ රජය විසින් ඒ සඳහා දින දෙකක කාලයක් රජයේ නිවාඩු ලෙස ප්‍රකාශ කර ඇත.

    ‘웨삭포야’는 5월에 있는 행사로 부처님의 세 가지 주요한 일들을 기념하는 날이기 때문에 불교도들에게 아주 중요한 행사이다. 그날은 모든 불교 신자들이 절에 가서 예불을 올린다. 그리고 대부분의 사람은 아침 일찍 하얀 옷을 입고 절에 가서 오후까지 스님들이 하는 좋은 말씀을 들으면서 하루를 보낸다. (싱할라어로 실 사마단위머라고 한다) 웨삭 주간 동안 볼 수 있는 행사는 ‘단살’이 있다. ‘단살’이란 무료 급식을 하는 행사이다. 또한, 그 주간에는 웨삭 토란과 등(커다란 랜턴, 燈)을 구경할 수 있다. 스리랑카 정부에서 웨삭포야의 기간을 이틀 동안의 휴일로 정한 것을 보면 이것이 얼마나 중요한지 알 수 있다.