한국어 공부

봉사 활동을 통해 행복을 찾아

  1. 화자 A:

    ස්වේච්ඡා සේවය තුලින් සතුට සොයා යමු

    봉사 활동을 통해 행복을 찾아

  2. 화자 B:

    ස්වේච්ඡා සේවය යනු තම කැමැත්තෙන් අනුනට උපකාර කිරීමට ඉදිරිපත් වීමයි. එමනිසා එම කර්තව්‍යන් සඳහා මුදල් අය කරගැනීමක් නොකරයි. මෙය ඉතා වටිනා ක්‍රියාවකි. අපි බොහෝ අවස්ථාවලදී ස්වේච්ඡා සේවයේ යෙදෙනවා. ප්‍රධාන වශයෙන් රටක යම්කිසි ආපදාවක් ඇති වූ විට එම අවස්ථාව මර්දනය කිරීමට අපි සැමදෙන එකාසේ එකතුවී සහයෝගය දක්වනවා. උදාහරණයක් ලෙස ලංකාව මුහුණ දුන් නොයෙකුත් ස්වභාවික විපත් වලදී බොහෝ ලාංකික පුරවැසියන් වගේම විදේශ ජාතිකයින්ද ඒ තත්වයන් මගහරවා යථාතත්වයට එම ස්ථාන ගෙන ඒමට මහත් ප්‍රයන්තයක් දැරුවා. මෙය තව දුරටත් විස්තර කළතොත් මෑතකදී ලංකාවේ ප්‍රදේශ කිහිපයක ඉතාමත් දරුණු ගං වතුර තත්වයකට මුහුණ දුන්නා. එමනිසා බොහෝ පිරිසක් අවතැන් වුණා. ගෙවල් වතුරින් යටවුණා පමණක් නොවේ සමහරුන්ගේ ජිවිත පවා අහිමි වුණා. මේ අවස්ථාවේදී බොහෝ පිරිසක් ස්වකැමැත්තෙන් ඉදිරිපත්වී මොවුන්ට උපකාර කළා. බොහෝ පිරිසක් වෙහෙස නොබලා දාඩිය මහන්සිය හෙලා ශ්‍රමයෙන් දායකත්වය ලබාදුන්නා. ඒවගේම තවත් පිරිසක් බඩු මුට්ටු ආහාරපාන ආදියෙන් උපකාර කළා. ඒවගේම ගං වතුරට හානියට පත් නිවාස පිරිසිදු කිරීමට විදේශ ජාතීන්ගේ දායකත්වය ලැබුණා. මේ ආකාරයට බොහෝදෙනාගේ ස්වේච්ඡා සේවය සදහා ඇති කැමැත්ත සහ ඒසදහා වන පෙළඹවීම තවත් කෙනෙක්ගේ සතුටට හේතුවක් වෙනවා. සමහරුන් ස්වේච්ඡා සේවය කිරීමට කැමත්තක් දැක්වුවද ඒ සඳහා ආර්ථිකමය වශයෙන් ශක්තියක් නොමැතිවීම නිසා ඉදිරිපත්වීම නිසි ලෙස නොකරයි. ඉහත සදහන් කළ පරිදි මේ සඳහා මුදල් අවශ්‍ය නැත. මේ සඳහා අවශ්‍ය තමන්ගේ විශ්වාසය සහ කැමැත්තයි. යම්කිසි ගමක ඉතාමත් අසරණව ජීවත්වන පවුලකට නිවසක් සදාදීමට ගමේ කිහිපදෙනෙක් ඉදිරිපත්වී ඒ සදහා උපකාර කිරීම ඊට කදිම උදාහරණයකි. ගමේ පාරේ කාණු අපිරිසිදුව ඇති අවස්ථාවක සියල්ලන් එකතුවී එය සුද්ද පවිත්‍ර කිරීමත් ස්වේච්ඡා සේවයකි. කොයිකා ආයතනයෙන් මේ වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට උදවු උපකාර කිරීම ඉතා අගනා කර්තව්‍යකි. ලංකාව ගතහොත් කොයිකා ස්වේච්ඡා සේවකයන්ගේ දායකත්වය තුලින් බොහෝ පිරිසක් සතුටට පත්වෙනවා. අධ්‍යාපනය ලබන දරුවන් ඔබගේ ඉමහත් සේවය නිසා අධ්‍යාපනික වශයෙන් පෝෂණයවී නුවණැත්තන් බවට පත්වෙනවා. මේ දෙස බලා නිහතමානිව සතුටුවන්නට ඔබට පුළුවන්. ස්වේච්ඡා සේවය ඔස්සේ ඔබට ලබාගත හැකි උපරිම සතුට අනෙකාගේ සතුටයි. එය මිලට ගත නොහැකි දෙයකි.

    봉사 활동이란 (자기 스스로) 다른 사람들을 도와주는 것으로 보수가 없다. 이것은 매우 가치 있는 일이다. 우리는 봉사 활동을 많이 한다. 주로 나라에 사고가 나면 그것을 막기 위해 모두가 모여서 도와준다. 예를 들어 스리랑카가 처한 다양한 자연재해 때 스리랑카인은 물론 외국인까지 복구하는 데 많은 도움을 준 일이 있다. 좀 더 설명하면 얼마 전 스리랑카 몇몇 지역의 큰 홍수 때문에 많은 사람이 이재민이 되었을 때의 일이다. 집은 홍수로 인해 지낼 수 없게 되었고 어떤 사람들은 목숨을 잃었다. 이 상황에서 많은 사람이 (자신들의 상황이) 어려운데도 불구하고 이를 신경 쓰지 않고 피해를 본 사람을 도와주었다. 또한, 어떤 사람들은 음식, 물건 등을 제공해 주었고 외국인들도 홍수로 지저분해진 집을 청소하는 데 도움을 주었다. 이처럼 사람들의 봉사를 하고자 하는 마음과 그 행동은 다른 사람들의 행복을 찾아준다. 어떤 사람들은 봉사 활동을 좋아하지만 경제력이 없어 못 한다고 하는데, 앞서 설명했듯이 봉사활동을 위해서 돈은 필요 없다. 필요한 것은 하고 싶은 마음과 할 수 있다는 믿음뿐이다. 어떤 마을에서 몹시 가난한 사람들을 위해 집을 지어주는 것이 이런 것의 좋은 예이다. 또한, 도로나 골목의 지저분한 폐수관 같은 곳을 모두 모여서 청소하는 것도 봉사 활동이다. 코이카에서 이처럼 개발도상국을 도와주는 것은 아주 좋은 일이다. 스리랑카가 코이카 봉사 단원들 덕분에 많은 도움을 받고 있다. 학생들에게 교육을 잘하고 그들을 인재로 만들며 이런 것을 통해 겸손하고 행복해질 수 있다. 봉사 활동을 통해 여러분이 얻을 수 있는 행복은 특별한 행복이다. 그것은 돈으로 살 수 없다.