기부
-
화자 A:
දන් දීම
기부
-
화자 B:
දන් දීම යනු කුමක්ද? දන් දීම යනු අපිට පුළුවන් ආකාරයට තව කෙනෙකුට පිහිට වීමයි. කන්න නැති කෙනෙකුට කෑම ටිකක් දීම, අඳින්න ඇඳුම් නැති කෙනෙකුට ඇදුම් ලබාදීම, ඉගෙන ගන්න දරුවන්ට උදවු උපකාර කිරීමයි. ඔබ මේ වෙන විටත් එවැනි දේවල් කරලා ඇති. කොරියාවේදීත් සමහර අවස්ථා වලදී අපිට ඇහෙන්න ලැබෙන දෙයක් ලෙස වයසක ආච්චිලා සල්ලි එකතු කරලා ඉගෙන ගන්න ළමයින්ට උදවු කරන එක, තවද සීතල කාලයේදී එයින් මිදීමට අවශ්‍ය උපකරණ ලබාදීම ආදිය දැක ගන්න පුළුවන්. ඒවගේම ලංකාවෙත් මෙවැනි ක්‍රියා නොඅඩුව දැකගත හැකියි. දන් දීමට දුප්පත් පොහොසත්කම වැදගත් නැත. ඒ සඳහා අවශ්‍ය එය කිරීමට ඇති කැමැත්තයි. අපිට හැකි ආකාරයකින් රුපියලකින් කෙනෙකුට ආධාර කලත් එය දන් දීමකි. ගිය සති අන්ත පුවත්පතක මේ ආකාරයට දන් දීමක් කල පුද්ගලයෙකු ගැන විස්තරයක් පළව තිබුණි. එහි සඳහන් ආකාරයට එම පුද්ගලයා වයස 55ක් පමණ වන සිරිපාල නමැති අයෙකුයි. මොහු විසින් ස්වයං ව්‍යාපාරයක් ලෙස මීකිරි වෙළදාම සිදු කරයි. ඔහු එයින් ලබන අදායමින් කොටසක් අවුරුදු දෙකක් පුරාවට එකතුකොට මහරගම පිළිකා රෝහලට අවශ්‍ය යන්ත්‍රයක් මිලදී ගැනීමට පරිත්‍යාග කොට ඇත. එවැනිම තවත් පුවතක් ලෙස අනුරාධපුර ප්‍රදේශයේ ගොවි මහතකු විසින් මහන්සිවී වගා කළ ගොයමේ අස්වැන්න සතුන්හට කන්න ලබාදී ඇත. මේ ආකාරයට දානය යනු මුදල් පරිත්‍යාගය පමණක් නොව තමන්ට ඇති හැකි අයුරින් තව කෙනෙකුට පරිත්‍යාගයක් කිරීමයි.
기부라는 것은 무엇인가? 기부라는 것은 가능한 만큼 다른 사람을 도와주는 것이다. 먹을 것이 없는 사람에게 음식을 주는 것, 옷이 없는 사람에게 옷을 주는 것, 공부하는 학생에게 도움을 주는 것 등이 있다. 한국에서도 할머니들이 돈을 모아서 학생들에게 도와주는 것, 추운 겨울에 연탄을 사 주는 것(과 같은 기부가)이 있다. 이처럼 스리랑카에서도 이런 기부 활동을 볼 수 있다. 기부하는 데 가난한지 부자인지는 중요하지 않다. 필요한 것은 그것을 하고 싶은 마음이다. 우리가 할 수 있으면 1루피로 어떤 사람을 도와주는 것이 기부이다. 지난 주말 신문에 기부를 한 사람에 대한 기사가 나왔다. 그분은 55살의 시리팔러이다. 그는 응유(curd)를 만드는 자영업을 한다. 버는 돈에서 일부를 2년 동안 모아 그 돈을 의료 기계를 살 수 있도록 마하러그머 암 병원에 기부했다고 나와 있었다. 또한, 아누라더푸러에 사는 농부는 농사를 짓고 그 수확의 일부를 동물들에게 먹였다고 한다. 이처럼 기부라는 것은 돈만 주는 것이 아니라 자기가 할 수 있는 정도에서 남을 도와주는 것이다.
