자동차 사고
-
화자 A:
වර්තමානයේ වාහන පාවිච්චි කරන පිරිසගේ වර්ධනයත් සමඟම මාර්ග වල සිදු වන අනතුරු ප්රමාණයත් ඉහල යමින් පවතිනවා. දිනකට මෙවැනි අනතුරු විශාල ප්රමාණයක් ප්රවෘත්ති වලින් දකින්න ලැබෙනවා. පහත සඳහන් වන්නේ එවැනි අනතුරක් ගැන පළවූ පුවතකි. ගිය සතියේ සිකුරාදා එනම් 25 වන දින උදෑසන 7 ට පමණ කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස් රථයක් කාර් රථයක හැපී එක පුද්ගලයකුට මරණයට පත්වුණා. තවද බස් රථයේ ගමන් කල පිරිස තුවාල ලබා රෝහල් ගත කර ඇත. රෝහල් ආරංචි මාර්ග පවසන අන්දමට තුවාල ලැබූ පුද්ගලයින් අතරින් දෙදෙනෙකුට බරපතල තුවාල ලබා හදිසි අනතුරු ඒකකයේ වැඩිදුර ප්රතිකාර ලබමින් සිටියි. අනෙක් පිරිස සුළු තුවාල ලැබුවන් බවට වාර්තාවිය. මෙම අනතුර සිදුවූ පසු බස් රථ රියැදුරා පලාගොස් ඇත. නමුත් අනතුර සිදුවී පැය කීපයකට පසු පොලිසිය විසින් සැඟවී සිටි බස් රථ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත. හෙට දින ඔහුව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කාර් රථයේ සිටි 57 හැවිරිදි කාන්තාවකි. එම අවස්ථාවේ ඇය සහ අගේ ස්වාමියා රථයේ ගමන් කර ඇත. 58 හැවිරිදි මෙම පුද්ගලයත් බරපතල තත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම අනතුරට හේතුව බස් රථ රියදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනයයි. මෙම සිද්ධිය ඇසින් දුටු පුද්ගලකු වන රත්නායක මහතා පැවසුවේ කොළඹ දෙසට බස් රථ දෙකක් ඉතාමත් වේගෙන් පැමිණි බවත් එක බස් රථයක වේගය පාලනය කළ නොහැකිව විරුද්ධ දෙසින් පැමිණි කාර් එකේ ගැටුණු බවත්ය. එම ස්ථානයේ සිටි තවත් පුද්ගලයින් පැවසුවේ බස් රථ රියදුරන් එකිනෙකා අතර තරඟය මෙයට හේතුව බවයි. මේ ආකාරයේ නොසැලකිලිමත් රිය ධාවනය දිනකට බොහෝ පිරිසකගේ ජිවිත බිලිගන්නවා. මෙවැනි අනතුරු ඇති නොවන ලෙස සැලකිලිමත්ව රිය පැදවීමට රියදුරන් වග බලාගත යුතුයි.
현재 자동차를 사용하는 사람들이 늘어남에 따라 사고의 수도 늘어나고 있다. (많아지고 있다) 하루에 이런 뉴스를 여러 개 볼 수 있다. 아래의 이야기가 그런 것이다. 지난 금요일 25일 아침 7시쯤 콜롬보 쪽으로 가고 있었던 버스가 차와 부딪쳐 한 명이 숨졌다. 또한, 버스를 타고 있었던 사람들은 다쳐서 병원에 입원했다. 병원에서 알린 바로는 다쳐서 입원한 사람 중에 2명의 상태가 위험해서 ICU에서 치료를 받고 있다고 한다. 나머지 사람들의 상태는 그리 위험하지 않다. 이 사고 직후에 버스 운전기사는 도망쳤지만 사고가 난 이후 한 시간 뒤에 경찰에게 잡혔다. 버스 운전기사는 사고가 난 다음날 법원에 가게 되었다. 이 사고로 숨진 사람은 차에 있었던 57살 여성이다. 사고가 날 때 그녀는 남편과 차에 있었다. 병원에서는 58살인 남편도 이 사고로 인해 다쳐 상태가 위험하다고 알렸다. 사고의 원인은 버스 운전기사의 부주의 운전으로 밝혀졌다. 이 사고 현장에 있었던 랏나여크 씨의 말로는 콜롬보 쪽으로 버스 두 대가 빠른 속도로 왔고 한 버스가 속도를 통제하지 못해서 반대쪽에서 오던 차에 부딪혔다고 한다. 사고 현장에 있었던 다른 사람의 말로는 두 버스의 경쟁이 이 사고의 원인이라고 한다. 이와 같은 부주의 운전으로 인해 하루에도 많은 사람이 목숨을 잃는다. 그래서 운전기사들은 이런 사고가 나지 않도록 주의해서 운전해야 한다.
