한국어 공부

자연 재난

  1. 화자 A:

    මෑත කාලීනව ලංකාව විශාල ස්වභාවික විපත්වලට මුහුණ දුන්නා. ඒ අතුරින් ප්‍රධානම ස්ථානයක් ගනු ලබන්නේ ගං වතුර සහ නාය යෑමුයි. දැනට මාස කිහිපයකට පෙර කොළඹ ප්‍රදේශ කිහිපයක ගං වතුර තත්ව ඇතිවුණා. එම නිසා විශාල පිරිසක් මහත් පීඩාවට පත්වුණා. ගෙවල් විශාල ප්‍රමාණයක් ගං වතුරට යටවුණා. බොහෝ පිරිසකට උන්හිටි තැන් අහිමිවුණා. මෙම ගං වතුර අනතුර නිසා විශාල පිරිසක් ජිවිතක්ෂයට පත්වුවා. ඒවගේම නොසිතු වෙලාවක සිදුවූ මෙම විපත නිසා ලෙඩරෝග වලට ගොදුරු වුණ පිරිසද බොහෝවන අතර ඔවුන් රෝහල්ගතවී ප්‍රතිකාර ලැබුවා. මෙම වැසි තත්වය හේතුකොටගෙන ඇති වූ තවත් අනතුරක් නම් කඳු නායයාමයි. කඳු නාය යාම බහුල වශයෙන් සිදු වුයේ මධ්‍යම පළාතේයි. මේ ආකාරයට ඒකාකාරීව පැවති වැසි තත්වයන් නිසා කුඩා කඳු නාය ගොස් බොහෝ පිරිසකගේ නිවාස හානියට පත්වුවා. මෙයටත් වඩා දරුණු අනතුරනම් විශාල කන්දක් නායයාම නිසා ගම්මානයක් යටවී එම ගමේ 100 පිරිසක් ජිවිතක්ෂයට පත්වීමයි. සන්ධ්‍යා කාලයේ මහා වර්ෂාවත් සමඟම මෙම අනතුර සිදුව තිබෙනවා. ගම ඉහලින් ඇති කන්ද ටිකෙන් ටික නාය යාම ආරම්භවී ඉන් ටික වෙලාවකට පසුව විශාල පස් තට්ටුවක් සෝදාවිත් මෙම විපත සිදුව ඇත. මෙම අවස්ථාවේදී පස් තට්ටුව සමග විශාල ගලුත් පෙරළී ඇති නිසා මෙම අනතුර ඉතා දරුණු තත්වයක් බවට පත්ව ඇත. සියලු ගෙවල් කැඩීබිදී ගොස් පස් තට්ටුවට යටවී ඇත. මේ අනතුරින් අතුරුදන්ව ඇති පිරිසක් බේරාගැනීමට යුධ හමුදාව විසින් සමත්ව තිබෙන නමුත් පැවැති අධික වැසි තත්වය නිසා තව දුරටත් නාය යාමේ අවදානම ඇති බැවින් අතුරුදන්වූ සියලු පිරිස එදිනම සොයාගැනීමට නොහැකිවී ඇත. මේ ආකාරයට දින කිහිපයක මහත් පරිශ්‍රමයක් යොදා අතුරුදන්ව ඇති පිරිස සොයාගෙන ඇත.

    최근 스리랑카는 많은 자연재해를 겪었다. 그중에서도 홍수와 산사태가 많다. 몇 달 전 콜롬보의 몇몇 지역에 홍수가 났다. 그로 인해서 많은 사람이 힘든 일을 겪고 많은 사람이 숨졌다. 또한, 생각하지 못했던 시간에 일어난 이 사고 때문에 많은 사람이 병에 걸려서 병원에서 치료를 받았다. 이렇게 온 비 때문에 일어난 다른 사고는 산사태이다. 산사태가 많이 일어난 곳은 스리랑카 내륙에 있는 지방이다. (Middle Province) 계속 내린 비 때문에 작은 산사태가 일어나 많은 집이 파괴됐다. 이것보다 더 안타까운 일은 한 마을에 산사태가 일어나서 100명 정도 숨졌다는 것이다. 오후에 내린 폭우 때문에 이런 사고가 났다. 마을 위쪽에 있는 산(의 흙)이 조금씩 떨어졌고 그 후에 커다란 흙벽이 떨어져 사고가 났고 흙과 바위가 함께 떨어졌기 때문에 이렇게 더 위험한 사고가 되었다. 집이 다 망가지고 흙으로 덮여 버렸다. 군인이 이 사고로 인해 실종된 몇 명을 찾아냈으나 계속 내린 폭우 때문에 산사태가 다시 일어날 가능성이 있으므로 그날 모든 사람을 찾지 못했다. 하지만 며칠 동안 노력하고 (이와 같은 노력을 통해) 실종된 사람을 찾는 것에 성공하였다.