한국어 공부

콜롬보에 가요

  1. 화자 A:

    කොළඹ යමු

    콜롬보에 가요

  2. 화자 B:

    කොළඹ නගරය ලංකාවේ ඇති ප්‍රධානම නගර වලින් එකකි. මෙය ලංකාවේ පළාත් නමයෙන් එකක් වන බස්නාහිර පළාතේ පිහිටා ඇත. මෙය ලංකාවේ අගනුවර ලෙස හැඳින්වුවත් එය නිවැරදි නැත. ලංකාවේ අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වන අතර කොළඹ යනු ශ්‍රී ලංකාවේ වාණිජ නගරයයි. කොළඹ නගරය ලංකාවේ ඇති විශාලම නගරයක් වන අතර එහි මිලියන 5 කට වැඩි ජනගහණයක් ජීවත්වෙයි. කොළඹ නගරය තුල ලංකාවේ ප්‍රධාන රාජ්‍ය ආයතන සහ අනෙකුත් ස්ථාන රාශියක් පිහිටා තිබේ. එම නිසා ඉතාමත් කාර්යබහුල ස්වරූපයක් ගන්නා නගරයකි. කොළඹ නගරය අධ්‍යාපනික වශයෙන්ද වැදගත්කමක් ගනී. කෞතුකාගාරය, ග්‍රහලෝකාගාරය ආදී වශයෙන් අධ්‍යාපනික වටිනාකමක් ඇති ස්ථාන බොහොමයක් මෙම නගරයේ පිහිටා ඇත. තවද සංචාරකයින්ගේ වඩාත් සිත්ගත් ගාලු මුවදුර මුහුදු තීරය පිහිටා තිබෙන්නේද මෙහියි. ඊට අමතරව සංචාරකයින්ගේ සිත්ගත් ස්ථාන කිහිපයක්ම මෙම නගරයේ පිහිටා ඇත. කොළඹ නගරයේ ජීවත් වන බොහෝදෙනා අධ්‍යාපනික වශයෙන් හා රෝහල් ආදී පොදු පහසුකම් ඇති නිසා මෙම නගරයේ ජිවත් වීමට කැමැත්ත දක්වයි. නමුත් අනෙත් ප්‍රදේශ හා සලකා බලන විට ජිවන වියදම් වැඩි නගරයක් ලෙස හැඳින්විය හැක. සොවුල් නගරයේ දකින්නට ලැබෙනවා වගේ නිවාස සංකීර්ණ විශාල ප්‍රමාණයක් කොළඹ නගරයේ දැකගැනීමට නොහැක. නමුත් කොළඹ නගරය තුල ලංකාවේ අනෙකුත් ප්‍රධාන නගර තුල දකින්න නොලැබෙන නිවාස සංකීර්ණ දැකගැනීමට හැකියි. කොළඹ නගරය උස ගොඩනැගිලි, වාහන, සෙනඟ වලින් පිරිණු නගරයක්. එම නිසා නිස්කලංක බවක් නැති නිතර නොසන්සුන් ස්වබාවයක් ගන්නා නගරයක් ලෙස හැඳින්විය හැක.

    콜롬보는 스리랑카의 주요 도시 중 한 곳이다. 이것은(콜롬보는) 스리랑카의 아홉 개 도시 중에서 서도(Western Province)에 위치하고 있다. 콜롬보가 스리랑카의 수도로 알려져 있으나 그것은 아니다. 스리랑카의 수도는 스리 자여와르더너푸러 콛데(Sri Jayawardhanapura Kotte)이며 콜롬보는 무역 도시이다. 또한, 콜롬보는 스리랑카에 있는 큰 도시로 500만 명 이상의 인구가 살고 있다. 콜롬보에는 스리랑카의 주요 정부 기관과 다른 중요한 회사가 있다. 그래서 (콜롬보는) 항상 바쁜 도시이다. 콜롬보는 교육적인 면에서도 중요한 도시이다. 박물관과 플라네타륨(Planetarium) 등 교육적인 면에서 가치가 있는 곳 몇 군데가 있다. 또한, 관광객들의 관심을 끄는 가루무워더르 바다와 그 외의 관광객들이 좋아하는 장소도 있다. 콜롬보는 교육과 병원 같은 시설이 잘 되어 있는 도시이기 때문에 대부분이 좋아하지만 다른 지역에 비해 생활비가 많이 드는 도시이다. 서울에서 볼 수 있는 아파트 단지를 콜롬보에서 볼 수는 없지만, 스리랑카에 있는 다른 도시에 비해 아파트를 많이 볼 수 있다. 콜롬보는 높은 건물과 자동차 그리고 사람으로 붐비는 도시이기 때문에 차분하지 않고 항상 바쁜 모습을 보여주고 있다.