한국어 공부

지방의 아름다움

  1. 화자 A:

    ගමක සුන්දරත්වය

    지방의 아름다움

  2. 화자 B:

    ලංකාවේ ගැමි පරිසරය නාගරික පරිසරයට වඩා යම්තාක් දුරකට වෙනස්ය. නගරයේදී දකින්නට ලැබෙන සියලු පහසුකම් ගමේදී දැකිය නොහැක. නමුත් ඒ වෙනුවට නගරයේදී ලැබිය නොහැකි මානසික සුවයක් ගමේදී දැකිය හැක. නගරය හා සංසන්ඳනය කළ විට ගම ඉතාමත් සුන්දර තැනක් වනවා. මන්දයත් ස්වභාව සෞන්දර්ය ආරක්ෂා වී ඇති නිසා. ගස් වැල්, දොළ පාරවල්, ගංගා, කුඹුරු, කුරුල්ල්ලන්ගේ කිචිබිචි හඬ මේ සියල්ල ගමක් ලස්සන කරනවා. ලංකාවේ බොහෝ ගම් ප්‍රදේශ වල ජීවත්වීම ගැමියන්ගේ ජීවනෝපාය වන්නේ ගොවිතැනයි. කුඹුරු කිරීම සහ හේන් ගොවි තැන මේ අතරින් විශේෂ තැනක් ගනු ලබනවා. මෙම කාර්යන් දෙකම ඉතාමත් දුෂ්කරයි. එයට හේතුව සමහරක් ප්‍රදේශවල නියම කාලයට වැසි නොලැබීම නිසා මෙම ගොවිතැන් පාළුවීමයි. තවද වන සතුන්ගෙන් හානිවීමට පුළුවන්. වල් ඌරන්, වල් අලි, කුරුල්ලන් මෙම වගාවන්ට නිරතුරුවම හානි කරනවා. එම නිසා දැඩි වෙහෙසක් දරල මේවා ආරක්ෂා කරගෙන ගැමියන් ජීවිතය ගෙනියනවා. ගමක සුන්දරත්වය වගේම කටුක දේවලුත් තිබෙනවා. විශේෂයෙන්ම පහසුකම් අතින් නගරය ගමට වඩා ඉදිරියෙන් ඉන්නවා. කඩ සාප්පු, රෝහල් පහසුකම්, සන්නිවේදන පහසුකම් නගරයට වඩා ටිකක් අඩු තත්වයක පවතින්නේ. ඒ වගේම ප්‍රවාහන පහසුකමුත් අඩු තත්වයක පවතිනවා. මෙවැනි පහසුකම් හැර අනෙකුත් සියලුම දේ අතින් ගම නගරයට දෙවෙනි නොවෙයි.

    스리랑카의 지방 생활은 도시 생활과 조금 차이가 난다. 도시에서 볼 수 있는 시설 모두 지방에서는 볼 수 없다. 그러나 도시에서 느낄 수 없는 차분함을 지방에서는 느낄 수 있다. 도시와 비교하면 지방은 매우 아름다운 곳이다. 왜냐하면, 자연이 보호되고 있기 때문이다. 나무, 계곡, 강, 논밭, 새소리 등이 지방의 아름다움을 더해 준다. 스리랑카 대부분의 지방 사람들은 농사를 짓고 살림을 한다. 농사를 짓거나 야채나 과일을 재배하는 것이 특징이다. 농사는 힘든 일이다. 어떤 지역은 때에 따라 비가 내리지 않기도 하고 흑돼지, 코끼리, 새 등의 동물이 열매를 먹기 때문에 농사를 망칠 수도 있기 때문이다. 그래서 사람들은 열심히 노력해서 농사(지은 것을)를 보호한다. 지방에는 아름다움도 있지만 힘든 것도 있다. 특히 편의 시설을 보면 도시가 지방보다 앞서 있다. 가게, 병원, 의사소통 수단이 도시보다 부족하고 그뿐만 아니라 교통도 도시보다 느린 편이다. 그 외에 다른 것과 비교해도 도시가 지방보다 더 앞서 있다.