한국어 공부

스리랑카의 학교 교육

  1. 화자 A:

    ශ්‍රී ලංකාව අධ්‍යාපනය ඉතාමත් වැදගත්කොට සලකන රටක් කීවොත් නිවැරදියි. ඒවගේම ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය ඉතාමත් ඉහල මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකාව නිදහස් අධ්‍යාපනය ඇති රටකි. එම නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසාන වනතෙක් මුදල් ගෙවීමක් නොමැතිව ශ්‍රී ලංකා රජයට අයත් සියලු පාසල්, විශ්වවිද්‍යාල වලින් නොමිලේ අධ්‍යාපනය ලැබිය හැකියි. ලංකාව ඉතා කුඩා රටක් වුවද පාසල් දහසකටත් වැඩි ප්‍රමාණයක් තිබෙන රටකි. එම පාසල් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනයවන ජාතික පාසල්, පළාත් පාලන ආයතන මගින් පාලනයවන පාසල් හා පිරිවෙන් ඇත. මෙහි පිරිවෙන් අධ්‍යාපනය ලබන්නේ භික්ෂුන් වහන්සේලායි. තවද පාසල් අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් කොටස් පහකට වර්ග කළ හැකියි. ඒවානම් ප්‍රාථමික, කනිෂ්ට ද්විතීක, ජ්‍යෙෂ්ට ද්විතීක, තෘතික හා විශ්ව විද්‍යාල අධ්‍යාපනයයි. ප්‍රාථමික අධ්‍යාපනය 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා වන අතර 5 ශ්‍රේණියදී ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටි. ශිෂ්‍යත්ව විභාගය සමත්වූ ශිෂ්‍යයින්ට වර්තමාන පාසලට වඩා හොඳ තත්වයේ වෙනත් පාසලකට ඇතුල්විය හැකි අතර සමත්නොවුවන් එම පාසලේම ඉතුරු අධ්‍යාපන කටයුතු සිදුකරයි. කනිෂ්ට ද්විතීකයට අයත් වන්නේ 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා වන අතර ජ්‍යෙෂ්ට ද්විතීකයට 10 සහ 11 ශ්‍රේණි ඇතුලත් වේ. 10 සහ 11 ශ්‍රේණිවලිදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට සුදානම් වෙයි. 11 ශ්‍රේණියේ අගභාගයේදී එම විභාගයට පෙනීසිටියි. තෘතික අධ්‍යාපනය ලැබීමට නම් අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත්විය යුතුය. තෘතික අධ්‍යාපනයට අදාල වන්නේ 12 සහ 13 ශ්‍රේණි වන අතර වසර දෙකක කාලයක් විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයට සුදානම් වෙයි. එහිදී කලා විෂය ධාරාවන්, වාණිජ, ගණිතය, විද්‍යාව ආදී වශයෙන් විෂය ධාරාවන් වෙන්ව ඇති අතර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සහ තමන්ගේ කැමැත්ත අනුව එක් විෂය ධාරාවක් තෝරාගෙන ඊට අදාල අධ්‍යාපන කටයුතු කරයි. ඉන්පසුව අපොස උසස් පෙළ විභාගයට පෙනිසිටියි. ශ්‍රී ලංකාවේදී අපොස උසස් පෙළ විභාගයට සමත් වූ පමණින් රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුල්විය නොහැක. එය තෝරනු ලබන්නේ දිස්ත්‍රික්ක මට්ටමින් z score අගය වැඩියෙන් ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරිනුයි.

    스리랑카는 교육을 아주 중요하게 생각하는 나라이므로 문해율이 높다. 스리랑카는 무상 교육을 하는 나라이다. 그래서 대학교까지 무상 교육을 받을 수 있어서 모든 국립학교와 대학교에서 무상으로 교육을 받을 수 있다. 스리랑카는 작은 나라이지만 학교가 1,000개 이상이 있다. 그 학교에는 정부에서 직접 운영하는 학교(National School)와 각 도에서 운영하는(Provincial School)과 피리왼이 있다. 피리왼은 스님을 위한 학교이다. 그리고 학교 교육은 주로 다섯 가지로 나눌 수 있다. Primary, Junior Secondary, Senior Secondary, Collegiate, Tertiary이다. Primary는 1학년부터 5학년까지이며 5학년 때 장학금 시험을 본다. 그 시험에 합격한 학생들은 현재 다니는 학교보다 좋은 학교로 들어갈 수 있지만 불합격인 경우 계속 같은 학교에서 공부한다. Junior Secondary는 6학년부터 9학년까지이며, Senior Secondary는 10학년부터 11학년까지이다. 10학년과 11학년 때 Ordinary Level 시험을 준비한다. 11학년 하반기에 Ordinary Level 시험을 본다. Tertiary 교육을 위해서는 Ordinary Level 시험에 반드시 합격해야 한다. Tertiary 교육에서는 12학년과 13학년을 포함해서 2년 동안 대학교 입학시험을 위해 준비한다. 인문학, 경영학, 수학, 의학 등 네 가지 전공으로 나뉘어 있는데 Ordinary Level 시험 결과를 바탕으로 그중에서 하나를 골라서 배운 후 Advance Level 시험을 본다. (하지만) 스리랑카에서 Advance Level 시험에 합격했다고 해서 국립대학교에 입학할 수는 없다. 대학교 입학 자격은 각 지역에서 높은 Z-Score(GP)를 받은 학생들에게만 준다.