한국어 공부

취미

  1. 화자 A:

    ඔයා මේ සතිඅන්තේ මොකද කරන්නේ?

    이번 주말에 뭐해요?

  2. 화자 B:

    මේ සතිඅන්තෙත් ඇවිදින්න යන්න හිතාගෙන ඉන්නේ.

    이번 주말에도 놀러 갈까 생각 중이에요.

  3. 화자 A:

    ඔයා ඇවිදින්න කැමතියි වගේ නේද?

    놀러 가는 것을 좋아하나 봐요?

  4. 화자 B:

    මම වෙලාවක් ලැබුනහම කොහෙහරි අළුත් තැනක් හොයාගෙන යනවා. ඒක මගේ විනෝදාංශය.

    저는 시간되면 어디든 새로운 곳을 찾아다녀요. 그게 제 취미예요.

  5. 화자 A:

    එහෙනම් ඔයා ලංකාවේ ගොඩක් තැන්වලට ගිහිල්ලා ඇති නේද? මේ පාර කොහෙද යන්නේ ?

    그럼 스리랑카에서는 구경을 많이 다녔겠네요. 이번에는 어디로 가요?

  6. 화자 B:

    යාල සෆාරියක් යන්න කියලා මට යාළුවෝ කිව්වා. ඔයත් කැමති නැද්ද යන්න?

    얄라에 사파리 여행을 가라고 친구들이 나한테 얘기했어요. 가고 싶지 않아요?

  7. 화자 A:

    මාත් යන්න හරි ආසයි. අපි එහෙනම් අනිත් අයගෙනුත් අහලා බලමු නේද?

    나도 너무 가고 싶어요. 우리 다른 사람들한테도 물어볼까요?

  8. 화자 B:

    අන්න හරි. ඔයා එහෙනම් නුවන්ගෙනුයි මධූගෙනුයි අහන්න. මම අනිත් අයගෙන් අහලා බලන්නම්.

    그래요. 누완하고 마두에게 물어봐요. 나는 다른 사람들에게 물어볼게요.