상황별 실전 대화 및 어휘 모음
출처본 서비스의 기본 싱할라어 회화 및 어휘 데이터는 KOICA 공공데이터를 활용하여 제작되었습니다.
-
-
화자 A:
ඔයාට කවද ඉඳලද උණ තියෙන්නේ?
언제부터 열이 있어요?
-
화자 B:
දැන් දවස් තුනක් වෙනවා. බෙහෙත් ගත්තට අඩු නෑ. ඔළුව පැලෙන්න කැක්කුමයි.
3일 정도 됐어요. 약을 먹었는데도 낫질 않아요. 머리가 깨질 정도로 아파요.
-
화자 A:
දැනුත් 102 ට උණ. ඉක්මනටම ලේ එකක් චෙක් කරන්න ඕන. ඊට පස්සේ තමයි තීරණයක් දෙන්න පුළුවන්.
지금도 102도(℉/38~39℃)로 열이 있어요. 빨리 피 검사를 해야 돼요. 그다음에 어떻게 할지 결정할 수 있어요.
-
화자 B:
ලේ වෙක් කළ පසු
피 검사 후
-
화자 A:
මේ ඩෙංගු උණ හැදිලා තියෙන්නේ. ඔයාව දැන්මම වාට්ටුවට දාන්න වෙනවා. වාට්ටුවට ගිහිල්ලා බෙහෙත් කරමු. බය වෙන්න එපා.
뎅기열이 걸렸어요. 당장 병실에 들어가요. 병실에 들어가서 치료 합시다. 걱 정하지 마세요.
-
화자 A:
-
-
화자 A:
ඩොක්ට මට ඊයේ රෑ ටිකක් කලන්තය ආවා. ගොඩක් දාඩියත් දැම්මා. ඔළුව කැක්කුමත් ආවා.
선생님 어젯밤에 조금 어지러웠어요. 땀도 많이 나고요. 머리도 아팠어요.
-
화자 B:
ඔයාට දියවැඩියාව තියනවද?
당뇨병이 있어요?
-
화자 A:
නැහැ ඩොක්ට.
아니요 선생님.
-
화자 B:
ප්‍රෙෂර් එක චෙක් කරලා බලමු. ඔයාට ප්‍රෙෂර් එක ටිකක් වැඩිවෙලා.
혈압을 확인해 봅시다. 혈압이 좀 올랐어요.
-
화자 A:
මම ඊයේ රෑ වෙනකම් වැඩ කළා. එනිසා ටිකක් මහන්සි ගතියත් තිබුණා.
저는 어젯밤 늦게까지 일했어요. 그래서 조금 피곤했어요.
-
화자 B:
ආයෙත් මේ වගේ වුණොත් එහෙම එවෙලේම ළඟම තියන හොස්පිටල් එකට යන්න. දැනට මම මේ දෙන බෙහෙත් ටික බොන්න. හෙටත් ඇවිත් ප්‍රෙෂර් එක චෙක් කරගන්න. ඔය බෙහෙත් දවසට තුන්පාරක් බොන්න ඕන.
다음에 이러면 바로 근처에 있는 병원에 가세요. 지금은 이 약을 드세요. 내일도 와서 혈압을 확인하세요. 이 약은 하루에 세 번 먹어야 해요.
-
화자 A:
හරි ඩොක්ට. ස්තුතියි.
네 선생님. 고맙습니다.
-
화자 A:
-
-
화자 A:
මොකක්ද අමාරුව?
어디가 아파요?
-
화자 B:
ඊයේ ඉඳල මගේ බඩ රිදෙනවා.
어제부터 배가 아파요.
-
화자 A:
වමනය ගතියත් තිබ්බද?
토했어요?
-
화자 B:
එකපාරක් වමනේ ගියා. කිහිපවතාවක්ම බඩ එළියගියා. අද උදෙත් ටිකක් ඒගතිය තිබුණා.
한 번 토했어요. 몇 번 설사했어요. 오늘 아침에도 좀 그랬어요.
-
화자 A:
ඊයේ මොනවද කෑවේ?
어제 뭐 먹었어요?
-
화자 B:
ෆ්‍රයිඩ් රයිස් කෑවා. ඊට පස්සේ ඉදල තමයි මෙහෙම වුණේ.
볶음밥을 먹었어요. 그다음부터 이래요.
-
화자 A:
උණ නම් නෑ. ඔයාට තියෙන්නේ කෑම අප්පිරියාවක්. මම දෙන බෙහෙත් බොන්න. තෙල් කෑම කන්න එපා.
열은 없어요. 이건 장염이네요. 이 약을 드세요. 기름진 음식을 드시지 마세요.
-
화자 B:
මොන වගේ කෑම කන එකද හොඳ?
어떤 음식을 먹는 것이 좋아요?
-
화자 A:
කැඳ වගේ දේවල් හොඳයි. වැඩිය බර කෑම තෙල් කෑම කන්න එපා.
죽 같은 것이 좋아요. 기름진 음식을 먹지 마세요.
-
화자 B:
හරි ස්තුතියි.
네 고맙습니다.
-
화자 A:
මේ බෙහෙත් ෆාර්මසි එකෙන් ගන්න.
이 약을 약국에서 사세요.
-
화자 A:
-
-
화자 A:
මායා, කොළඹ ඉඳල අනුරාධපුරයට දුරයිද?
마야, 콜롬보에서 아누라더푸러까지 멀어?
-
화자 B:
ඔව්. පැය හයක් වගේ යනවා.
응. 6시간 정도 걸려.
-
화자 A:
අපොයි ගොඩක් දුරයි.
아이고 진짜 머네.
-
화자 B:
ඔයාට යන්න ආසයි නම් කෝච්චියෙන් යන්න පුළුවන්. බස් එකට වඩා කෝච්චිය පහසුයි.
가고 싶으면 기차로도 갈 수 있어. 버스보다 기차가 편해.
-
화자 A:
ඇත්තද?
진짜?
-
화자 B:
ඔව්. ඔයා මුලින්ම කොටුව ස්ටේෂන් ඒකට ගිහින් ටිකට් බුක් කරන්න ඕන. නැත්නම් සීට් නෑ. මම ලබන සතියේ ඔෆිස් එකේ වැඩකට අනුරාධපුරේ යනවා. ඔයා සිකුරාදාට එන්න පුළුවන්නම් කියන්න.
응 먼저 코투워 역에 가서 표를 예약해야 돼. 아니면 좌석이 없어. 내가 다음 주에 회사 일로 아누라더푸러에 가. 네가 금요일에 올 수 있으면 이야기해.
-
화자 A:
මට සිකුරාදාට එන්න පුළුවන්.
나는 금요일에 갈 수 있어.
-
화자 B:
එහෙනම් ඔයා එද්දී කෝච්චියෙන් එන්න. මම බදාදාට එහෙ යන නිසා සිකුරාදාට මම ස්ටේෂන් එකට එන්නම් ඔයාව ගන්න.
그럼 너 올 때 기차로 와. 내가 수요일에 거기 갈 거니까 금요일에 너를 데리러 역으로 갈게.
-
화자 A:
හොඳයි.
좋아.
-
화자 B:
මගේ ෆෝන් නොම්බරේ තියනවා නේද? කෝච්චියෙන් බැස්ස ගමන් මට කෝල් එකක් දෙන්න. මම එන්නම්.
내 전화번호 있지? 기차에서 내리자마자 연락 줘. 내가 올게.
-
화자 A:
හරි එහෙම කරන්නම්. ස්තුතියි.
그래 그렇게 할게. 고마워
-
화자 A:
-
-
화자 A:
මේ ළඟ ස්ටේෂන් එකක් තියෙන්නෙ කොහෙද?
여기 근처에 역이 어디 있어요?
-
화자 B:
මේ පාර දිගේ කෙලින්ම ගියාම තුන්මං හන්දියක් තියනවා. එතනින් වමට හැරිලා මීටර් 100ක් වගේ ගියාම තියනවා.
이 길로 쭉 가면 삼거리가 있어요. 거기서 왼쪽으로 100미터 정도 가면 있어요.
-
화자 A:
මේ වෙලාවට නුවරට යන කෝච්චි තියෙයිද?
지금 캔디로 가는 기차가 있어요?
-
화자 B:
ඒකනම් හරියටම දන්නේ නෑ. ගිහින් ඇහුවනම් හරි.
제가 그건 잘 몰라요. 가서 물어보면 될 것 같아요.
-
화자 A:
ස්තුතියි.
고마워요.
-
화자 B:
ස්ටේෂන් එකේදී
역에서
-
화자 A:
නුවරට යන කෝච්චිය කීයටද තියෙන්නේ?
캔디로 가는 기차가 몇 시에 있어요?
-
화자 B:
තව පැය දෙකකින් තියෙන්නෙ.
두 시간 후에 있어요.
-
화자 A:
දුරකථන සංවාදය
전화 통화
-
화자 B:
මලිති කෝච්චිය තියෙන්නෙ තව පැය දෙකකින්.
마리띠 기차가 두 시간 후에 있어.
-
화자 A:
එහෙමද? එතකන් මොකද කරන්නේ?
그래? 그때까지 뭐할꺼야?
-
화자 B:
මොනවා කරන්නද ගේම් එකක්වත් ගගහා ඉන්නවා.
뭐 하긴 게임이나 하고 있을 거야.
-
화자 A:
එහෙනම් බහින්න ඉස්සල්ලා මට කෝල් එකක් දෙන්න.
그럼 내리기 전에 나한테 전화해.
-
화자 A:
-
-
화자 A:
ජින්සු, කොහොමද?
진수, 잘 지내?
-
화자 B:
හොඳයි. එත් තාම මේ රස්නෙ තමයි අමාරු. මම එද්දී කොරියාවේ වින්ටර් එකනෙ.
좋아. 근데 아직은 더운 날씨가 힘들어. 내가 왔을 때는 한국이 겨울이었잖아.
-
화자 A:
ඒකනිසා තමයි අමාරු. ටික දවසක් යද්දී හුරුවෙයි.
그래서 힘들어. 조금 있으면 익숙해질 거야.
-
화자 B:
ඒක නෙමෙයි මධු මට බම්බලපිටියට යන්න ඕන. ටැක්සි එකට නගින්නෙ කොහෙන්ද?
그게 아니라 마두 나는 밤바라피티야에 가고 싶어. 택시는 어디에서 타?
-
화자 A:
ඔයා කෝල් ටැක්සි ගන්නවානම් හොඳයි. ටිකක් ගාණ වැඩි වුණත් බය නෑ.
콜택시를 타는 게 나아. 조금 비싸도 무서워할 게 없어(걱정할 것이 없어).
-
화자 B:
ඇයි ත්‍රිවිල් හොඳ නැද්ද?
왜 툭툭은 안 좋아?
-
화자 A:
නරක නෑ. නමුත් සමහර කට්ටිය ගොඩක් සල්ලි ගන්නවා. සමහර ටැක්සි වල මීටර් කියල ගහල තිබ්බට මීටර් එක වැඩ කරන් නෑ. ළඟට ගියත් ලොකු ගාණක් ඉල්ලනවා. අපිට එහෙම කරන එකේ ඔයාට නොකර ඉදීද? හැබැයි හොඳ කට්ටියත් ඉන්නවා.
나쁘지 않아. 그런데 어떤 툭툭 기사는 돈을 많이 받아. 어떤 택시는 미터라고 써 있는데 미터 기계가 안 돌아가. 가까이에 가더라도 많은 돈을 받아. 우리에게도 그렇게 하는데 너에게도 마찬가지겠지? 그런데 좋은 사람도 있어.
-
화자 B:
ඒක ඇත්ත. අපි පරිස්සම් වෙන්න ඕන.
그건 맞아. 우리가 조심해야 돼.
-
화자 A:
ඔයා 0112592592 හරි 0117299299 ට හරි කෝල් කරලා ටැක්සි එකක් ගෙන්න ගන්න. ඒක ලේසියි.
너는 0112592592나 0117299299에 전화해서 택시를 불러. 그게 쉬워.
-
화자 B:
හරි. බොහොම ස්තුතියි.
응. 고마워.
-
화자 A:
-
-
화자 A:
මිස්ටර් තිලක් මම උඩ ගෙදර ඉන්න දුසන් කතා කරන්නෙ.
띨락 씨 저는 윗집에 사는 두산이에요.
-
화자 B:
ඔව් දුසන් මහත්තයා කියන්න.
네 두산 씨 말씀 하세요.
-
화자 A:
මේ දවස් වල වහිනකොට වහලෙන් වතුර වැටෙනවා. කුස්සියයි සාලෙයි ටිකක් වැඩිපුර තෙමෙනවා.
최근 비 올 때 지붕에서 물이 샜어요. 부엌하고 거실에 많이 새요.
-
화자 B:
කාමරයත් තෙමෙනවද?
방도 물이 새요?
-
화자 A:
කාමරයනම් ප්‍රශ්නයක් නෑ.
아니요 방은 문제없어요.
-
화자 B:
මේ දවස් ටිකේම වඳුරෝ එහාට මෙහාට පැන්නා වහලෙන්. මට හිතෙන්නේ වහලේ සීට් එහා මෙහා ගිහින්. මම බලලා හදල දෙන්නම් මහත්තයෝ දවල් වෙලා.
요즘 원숭이들이 지붕에서 왔다 갔다 해요. 제 생각에는 지붕의 시트가 조금 이상한 것 같아요. 제가 점심때 고쳐드릴게요.
-
화자 A:
ඔව්. අද රෑටත් වහින්න ඉස්සල්ල හදල දෙන්න පුළුවන්නම් ගොඩක් හොඳයි.
네. 오늘 밤에도 비 오기 전에 고쳐줄 수 있으면 좋겠어요.
-
화자 B:
මහත්තයා දවල්ට ඉන්නවද?
점심 때 집에 있나요?
-
화자 A:
ඔව්. දොළහෙන් පස්සේ ඉන්නවා.
네. 12시 이후에는 집에 있어요.
-
화자 B:
හොඳයි. මහත්තයා මම එකට විතර ඇවිත් බලලා හදලා දෙන්නම්.
네. 그럼 제가 1시쯤 가서 고쳐드릴게요.
-
화자 A:
-
-
화자 A:
දුරකථන සංවාදය
전화 통화
-
화자 B:
හෙලෝ? මේ මිස්ටර් තිලක්ගේ ගෙදරද?
여보세요? 여기 띨락 씨 집인가요?
-
화자 A:
ඔව්. මම තිලක්.
맞아요. 제가 띨락이에요.
-
화자 B:
මිස්ටර් තිලක් මම කතා කළේ පත්තරේ ඇඩ් එක දැකල කුලියට තියන ගෙදර ගැන දැනගන්න.
띨락 씨, 저는 신문 광고를 보고 렌트할 집에 대해 알아보려고 전화드렸어요.
-
화자 A:
ඔව්. කුලියට දෙන ගේ තියෙන්නෙත් අපේ ගේත් එක්කමයි. වරකාපොළ ටෙක්නිකල් එකට කිලෝමීටරයක් වගේ තමයි දුර.
네. 렌트하는 집이 우리 집이랑 같이 있어요. 와라카포러 기술학교까지 1km 떨어져 있고 거리가 있어요.
-
화자 B:
මාසේ කුලියටද දෙන්නේ?
월세죠?
-
화자 A:
ඔව්. මාසේ කුලිය රුපියල් පහළොස්දහයි. අත්තිකාරම මාස පහක කුලිය .
네. 한 달 월세는 150,000루피예요.
-
화자 B:
හරි. මට දැනගන්න පුළුවන්ද ගෙදරට බඩු තියනවද කියලා.
네. 그리고 집에 물건(가구 등)이 있는지 알고 싶어요.
-
화자 A:
බඩු නම් මුකුත් නෑ.
물건은 없어요.
-
화자 B:
මම හොයන්නෙ බඩුත් එක්ක ගන්න පුළුවන් ගෙයක්.
저는 물건이 같이 있는 집을 찾아요.
-
화자 A:
එහෙමද එහෙතම් මුලින් ගෙදර බලලා ඉන්න. ගේ හිතට ඇල්ලුවොත් බඩු මොකක් හරි කරලා දෙන්නම්.
그래요. 그럼 먼저 집을 보세요. 집이 맘에 들면 물건을 어떻게든 해드릴게요.
-
화자 B:
හරි මම හෙට උදෙන්ම එන්නම්.
네 그럼 내일 아침에 갈게요.
-
화자 A:
නිවස බැලීමට ගොස්
집을 보러 가서
-
화자 B:
මේ පැත්තෙන් එන්න. මේ එහාපැත්තෙ තියෙන්නෙ අපේ ගෙදර. anex එක තට්ටු දෙකකට තියෙන්නෙ. පහල නම් කට්ටියක් ඉන්නවා. උඩ තට්ටුව තමයි හිස්වෙලා තියෙන්නෙ.
이 쪽으로 오세요. 여기 옆에 있는 집이 우리 집이에요. 아넥스(임대할 집)는 2층으로 되어 있어요.
-
화자 A:
හරි. ගේ ටිකක් බලමුද?
네. 집 좀 봐도 될까요?
-
화자 B:
හරි. එන්න ඇතුලට ගිහින් බලන්න. ජනෙල් ඔක්කොටම ග්‍රිල් ගහල තියෙන්නෙ . ආරක්ෂාව ගැන බයවෙන්න දෙයක් නෑ.
네. 들어가 보세요. 창문이 다 그릴(철창)이에요. 안전해요.
-
화자 A:
කාමර එකයි නේද තියෙන්නේ?
방은 한 개만 있어요?
-
화자 B:
ඔව්. කාමර එකයි සාලෙයි කුස්සියයි බාත් රූම් එකයි. කොහොමද ගේ හිතට ඇල්ලුවද?
네. 방 한 개에 거실, 부엌, 샤워실이 있어요. 어때요 집은 마음에 드나요?
-
화자 A:
ගේ නම් හොඳයි. ඒත් ප්රශ්නය බඩු. මම ලංකාවේ අවුරුදු දෙකකට වගේ ඉන්නවා. ඉතින් මට ගෙදරට ලී බඩු කරන්ට් බඩු ඕන.
집은 좋은데 물건이 문제예요. 저는 2년 동안 스리랑카에서 삽니다. 그래서 가구와 전자 제품이 필요해요.
-
화자 B:
එහෙනම් අවුරුදු දෙකටම ගිවිසුම් අත්සන් කරනවද?
그럼 2년 동안 각서(계약서)를 쓸 건가요?
-
화자 A:
නැහැ. මුලින්ම අවුරුද්දයි. ඊට පස්සේ ඊලග අවුරුද්දට ගිවිසුම් අත්සන් කරනවා.
아니요. 먼저 1년이요. 그 다음해 거는 다음에 사인할게요.
-
화자 B:
මහත්මය මට කරන්ට් බඩු දෙන්න බෑ හැබැයි ලී බඩු දෙන්න පුළුවන්. නමුත් තව රුපියල් තුන්දාහක් ඕන.
전기 제품을 못 주지만 가구는 줄 수 있어요. 하지만 3,000루피가 더 필요해요.
-
화자 A:
කමක් නෑ. මට ඇඳයි මෙට්ටයයි අලුත් ඒවා ඕන. මේසයයි පුටුයි අල්මාරියයි ගොඩක් පරණ නැති පාවිච්චි කරපු බඩුවලින් දුන්නට කමක් නෑ.
괜찮아요. 저는 (저에게) 침대하고 매트리스는 새것이 필요해요. 책상, 의자, 옷장 등은 중고도 괜찮아요.
-
화자 B:
හරි.
네.
-
화자 A:
ඒ වගේම තමයි මේ ජනේලේ උඩ හීනි දැලක් ගහල දෙන්න මදුරුවෝ එන්නෙ නැතිවෙන්න.
그리고 이 창문 위에 모기장을 설치해주셔야 해요.
-
화자 B:
හරි. මේ ටික මහත්තයා ගිවිසුම අත්සන් කරලා අත්තිකාරම් සල්ලි දුන්නම කරලා දෙන්නම්.
네. 이것은 계약하고 보증금을 내면 해드릴게요.
-
화자 A:
හරි. මම ලබන සතියේ සඳුදා ගිවිසුම අත්සන් කරන්න එන්නම්.
네. 제가 다음주 월요일에 계약하러 올게요.
-
화자 B:
ස්තුතියි.
고마워요.
-
화자 A:
-
-
화자 A:
දුසන්,ඔයා අද ගෙයක් බලන්න යනවා නේද?
두산, 오늘 집 보러 가야지?
-
화자 B:
ඔව්. ඔයා එනවා නේද මාත් එක්ක යන්න?
응. 오늘 나랑 같이 갈 거지?
-
화자 A:
ඔව් ඔව්. මම ඔයා එක්ක යන්න තමයි මේ ආවේ.
응응. (나는) 지금 같이 가려고 왔어.
-
화자 B:
බොහොම ස්තුතියි. එහෙනම් යන්න ඉස්සල්ල අපි මේ ගෙවල් වලට කෝල් කරලා බලමු.
고마워. 그럼 가기 전에 우리 그 집에 전화해 보자.
-
화자 A:
ඒක හොඳයි. නැත්නම් ගිහින් හිටියේ නැත්නම් ගොඩක් අපරාදේ. කෝල් කරන ගමන් ඉන්න ගෙවල් හරියට ලකුණු කරගන්න ඕන.
그게 좋겠다. 아니면 우리가 갔는데 그 사람들이 없으면 시간 낭비야. 그리고 전화 하면서 사람이 있는 집을 알아 둬야 해.
-
화자 B:
ඔව් ඔව්. නැත්නම් පැටලෙන්න පුළුවන්.
맞아 맞아. 아니면 헷갈려.
-
화자 A:
මට ඔයා ෆොනේ නොම්බර ටික දෙන්න. මම කෝල් කරන්නම්.
나에게 전화번호 줘. 내가 전화할게.
-
화자 B:
ටිකකට පසුව
잠시 후
-
화자 A:
අපි එහෙනම් මේ ගෙවල් ටිකට ගිහින් බලමු. කෝල් ගත්තේ නැති ගෙවල් වලට මගදී කෝල් කරමු.
그럼 우리 이 집에 가 보자. 전화를 안 받은 집에는 가는 길에 전화하자.
-
화자 B:
හරි එහෙම කරමු.
그래 그러자.
-
화자 A:
නිවසක් බැලීමට ගොස්
집을 보러 가서
-
화자 B:
මේක මිස්ටර් සෝමපාලගේ ගෙදරද?
이거(여기) 소마팔러 씨 집이에요?
-
화자 A:
ඔව්. ඔයාද ඉස්සල්ල කෝල් කළේ?
네. 아까 전화한 분이세요?
-
화자 B:
ඔව්. anex එක බලන්න ආවේ.
네. 아넥스(임대할 집)를 보러 왔어요.
-
화자 A:
එන්න ඇතුලට. මේ පැත්තේ පඩිපෙළෙන් උඩට යන්න. මම යතුර අරන් එන්නම්.
들어오세요. 이쪽 계단으로 올라가세요. 제가 열쇠를 가져올게요.
-
화자 B:
ගේ ඇතුලට ගොස්
집 안에 들어가서
-
화자 A:
මේකේ පහල ගෙදර ඉන්නේ ඔයාලද?
여기 아랫집에 (밑의 집에) 여러분이 사세요?
-
화자 B:
ඔව්. අපි ඉන්නේ. මමයි මගේ වයිෆුයි දුවල දෙන්නයි. ඒනිසා ආරක්ෂාව ගැන බයවෙන්න දෙයක් නෑ.
네. 우리 가족이 살아요. 저하고 아내, 딸 둘이에요. 그래서 안전해요.
-
화자 A:
බැරිවෙලාවත් මම මේ ගෙදරට එනවනම් පේන්ට් කරලා දෙනවද?
혹시 이 집에 들어오면 페인트칠을 해 주나요?
-
화자 B:
ඔව්. එන කෙනා කැමති පාට ගාල දෙන්න ඕන නිසා අපි තාම පේන්ට් කළේ නෑ.
네. 들어오는 사람이 좋아하는 색깔로 칠해 주려고 아직 페인트칠을 안 했어요.
-
화자 A:
මේ ගෙදර කරන්ට් බිල් වතුර බිල් වෙනම නේද එන්නේ ?
이 집의 전기 요금하고 수도 요금은 따로 나오는 거죠?
-
화자 B:
ඔව්. කරන්ට් බිල්නම් වෙනම එනවා. වතුර බිල් ගෙවල් දෙකටම එකට එන්නෙ .
네. 전기 요금은 따로 나와요. 수도 요금은 같이 나와요.
-
화자 A:
ඒක කොහොමද ගෙවන්න ඕන?
그럼 그건 어떻게 내야 돼요?
-
화자 B:
මහත්තයා තනියම ඉන්නව නම් මාසෙකට රුපියල් තුන්සීයක් වගේ ගෙව්වම හරි.
혼자 살면 한 달에 300루피를 내면 돼요.
-
화자 A:
ගෙට මාසේ කුලිය නේද ගන්නේ ?
집은 월세죠?
-
화자 B:
ඔව්. අත්තිකාරමට මාස 5ක කුලිය එකපාර ගෙවන්න ඕන. මාසෙට රුපියල් විසි පන්දාහයි.
네. 보증금으로 5개월 월세를 한 번에 내야 돼요. 한 달에 25,000루피예요.
-
화자 A:
ගාණ පොඩ්ඩක් අඩු කරන්න පුළුවන්ද? මොකද මම මෙහෙ ආවේ ස්වේච්ඡා සේවයට. ඒනිසා මට සල්ලි ගොඩක් නෑ. මේකට ගෙවන්නේ ඔෆිස් එකෙන්. මට මාසෙකට උපරිම රුපියල් විසිදාහක් වගේ තමයි දෙන්න පුළුවන්.
조금 깎아 줄 수 있을까요? 왜냐하면, 저는 여기에 봉사 활동을 하러 왔어요. 그래서 저한테 돈이 많이 없어요. 이것도 회사에서 내는 거예요. 저는 한 달에 최대 20,000루피를 낼 수 있어요.
-
화자 B:
මේ හරිය ටවුමට කිට්ටු නිසා හැමතැනම ගාණ වැඩියි. මම ටිකක් වයිෆ් එක්කත් කතා කරලා හෙට වෙද්දී උත්තරයක් දෙන්නම්.
이 근처는 시내와 가까워서 다른 데도 다 비싸요. 제가 아내랑 이야기하고 내일 답변 드릴게요.
-
화자 A:
හොඳයි. එහෙනම් මම හෙට කෝල් එකක් දෙන්නම්.
네. 그럼 제가 내일 전화할게요.
-
화자 B:
හරි. හෙට හවසට කෝල් එකක් දෙන්න.
네. 내일 오후에 전화해 주세요.
-
화자 A:
-
-
화자 A:
අවශ්‍ය දේවල්
필요한 재료
-
화자 B:
හාල්
쌀
-
화자 A:
වතුර
물
-
화자 B:
පොල්කිරි
코코넛 우유
-
화자 A:
ලුණු
소금
-
화자 B:
සාදාගන්නා ආකාරය
만드는 방법
-
화자 A:
හාල් හොඳින් සෝදාගෙන අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා පිසගන්න. ඉන්පසුව බත පිසුනුපසු එයට පොල්කිරි හා ලුණු අවශ්‍ය ප්‍රමාණයට දමා නැවතත් මදගින්නේ පිසගන්න. ඉන්පසු මෙය කෙසෙල් කොළයක හරි පැතලි පියනක හරි අතුරාගන්න. හොඳින් නිවුණු පසු කොටු හැඩයට කපාගන්න.
쌀을 잘 씻어서 물을 넣고 밥을 지으세요. 밥이 익은 다음에는 코코넛 우유하고 소금을 충분히 넣고 다시 약한 불에 요리하세요. 그 다음에 바나나 잎이나 평평한 뚜껑에다가 키리밧을 넣으세요. 잘 식은 다음에 사각 모양으로 자르세요.
-
화자 B:
ලුණු මිරිස්
루누 미리스
-
화자 A:
අවශ්‍ය දේවල්
필요한 재료
-
화자 B:
කෑලි මිරිස්
고추 조각
-
화자 A:
ළුෑණු
양파
-
화자 B:
උම්බලකඩ
말린 생선
-
화자 A:
ලුණු
소금
-
화자 B:
දෙහි
레몬
-
화자 A:
සාදාගන්නා ආකාරය
만드는 방법
-
화자 B:
කෑලි මිරිස් හා ලුණු වංගෙඩියට හරි මිරිස් ගලට හරි දමා කොටාගන්න. එයට උම්බලකඩ හා ළුෑණුත් දමා හොඳින් කොටාගෙන එයට අවශ්‍ය ප්‍රමාණයට දෙහි දමා අනාගන්න. මෙය කිරිබත් සමඟ ආහාරයට ගන්න.
고추 조각을 절구나 절판에 넣고 잘 치세요. 그리고 거기에 말린 생선과 양파를 넣고 잘 치고 충분한 양에 따라 (충분한 양의) 레몬을 넣고 섞으세요. 이것을 키리밧이랑 드세요.
-
화자 A:
